top of page

අපගේ දැක්ම 

සමස්ථ ශ්‍රි ලාංකිය ජනතාව තුල  මාර්ග‍ නීති මාර්ග විනය සහා විද්‍යාත්මක රිය පැදවීම පිළිබඳව ශක්තිමත් සමාජ මතයක් ගොඩනැංවිම.

 

අපගේ මෙහෙය

 

අපගේ ශිෂ්‍යන්හට වඩා පුළුල්වූත්, වඩා කඩිනම් වූත්, ගුණාත්මක භාවයෙන් ඉහල රියදුරු පුහුණු අධ්‍යාපණයක් ලබා දිමෙන් සහා අපගේ සමාජික යන් තුල විණය, කාර්යක්ෂමතාවය, සතුට සහ ආදරය ඇතිකිරීම සහ වඩාලා ලීම තුලින් ශ්‍රී ලංකාවේ වඩා විශිෂ්ඨවූත්, වඩා ආදර්ශමත් වූත් විද්‍යායතනයක් බවට පත්විම

 

අපගේ පැවැත්ම

 

වස්තු සහිත, වස්තු රහිත,  බලවත්, බල රහිත සැම අයෙක්ම සාධාරණය ඉටුවන, සතුට ඇති කරන යහපත් ලොව අපගේ සිහිනයයි. එකිනෙකා ගේ අත් අල්ලාගෙන සභොදරත්වයෙන් ඉදිරියට ගමන් කරනා මිනිසුන් සහිත යහපත් ලොව අපගේ සිහිනයයි. එකිනෙකාගේ වැරදි කරගන්නා මනුෂ්‍යයන් සහිත යහපත් ලොව අපගේ සිහින යයි. කර්මය නිසා හො සමාජ ක්‍රමය නිසා, අසරණ වූ මනුෂ්‍යයන් හට ගුණාත්මකව නැගීසිටිමට අත දෙන ඔවුන්වත් ඇති හැකි මිනිසුන් බවට පත් කිරිමට මග පෙන්වන ආදරයෙන් පිරුණු මිනිසුන් සහිත සමාජ ක්‍රමය අපගේ සිහිනයයි. උතුම් මනුෂ්‍යත්වය පලමු ස්ථානයේ තබා, සමස්ථ  ලෝක සුභසිද්ධිය සදහා කටයුතු කරන ආදරණීය මනුෂ්‍යයන් සිටිනා දේශය අපගේ සිහිනයයි. රිය පැදවිම අතුළු සියලු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යාපනයන්, උතුම් මනුෂ්‍යත්වය සාධාරණත්වය අනුකම්පාව මත පදනම්වූ සියළු සතන්ගේ මුවගට සිනහව ගෙනෙනා යහපත් ලොව අපගේ සිහිනයයි. සියළු අකුසල් දුරුකරනා කුසලයේන්ම සිත් පෝෂණය කරනා නෙළුම් මල් බදු යහපත් මිනිසුන් සිටිනා උතුම් සද්ධමරය රජකරනා යහපත් දේශය අපගේ සිහිනයයි.

 

එම යහපත් දේශය ඇතිකිරීම උදෙසා අපි චාරිකාව අන් සියළු සහෝදර, සහෝදරියනුත් සමග ඉදිරියට ගමන් කරන්නෙමු.මුළු රටම එක්සේසත් කරනා උතුම් වැඩපිලිවෙලට මෙසේ අපි එක්වන්නෙමු. යහපත් රියදූරු පුහුණු අධ්‍යාපනයක් ලබාදීම උදෙසා ඔබ ගන්නා ප්‍රයන්නයට මෙසේ අපි ඔබව අත්වැල් සපයන්නෙමු. දස දිසාවේම ජිවත්වන යිසළු දෙනාටම ජය වේවා!
 

සැම දෙනාටම තෙරුවන් සරණයි !

 

 

 

ආරම්භය

  • ආසන්න වශයෙන් ටි. සල්මන් සිල්වා මහතා විසින් ආරම්භ කල වෂර්‍ය 1951

  • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය:01

  • ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ වසර 1968

  • ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය:pvs2831

 

ආදායම් බදු ලියාපදිංචි අංකය :104028314

VAT ලියාපදිංචි අංකය :104028314

සේවය අර්ථසාධක අරමුදල් ලියාපදිංචි අංකය :A10175

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ලියාපදිංචි අංකය : A010175

දිවිතියික හා තෘතීයික වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි අංකය :01-0098-0003



 

අපගේ ප්‍රධාන කාය්‍යර්‍ලය
 

සී/ස චාරිකා ලර්නර්ස් 

අංක. 812, මරදාන පාර,

පුංචි බොරැල්ල

කොළඹ 10

  

සමාගමක් ලෙස

ලියාපදිංචි අංකය :     pvs2831

   

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය :01

දුරකථන අංකය : 011269763

   

 

අපගේ අධ්‍යක්ෂ ක් මණ්ඩලය 

 

ටී. අජන්ත කුමාර සිල්වා - සභාපති

ඔව්. ඩී. කේ. සුභාෂ් -අධ්‍යක්ෂක

ටී. උමේෂ් කුමාර සිල්වා : අධ්‍යක්ෂක

ටී. අර්ධ නිලංග සිල්වා - අධ්‍යක්ෂක

ටී. ප්‍රීතිවී පාලින්ද සිල්වා - අධ්‍යක්ෂක

 

සහෝදර සමාගම් 

චාරිකා ලර්නර්ස්

දීපා චාරිකා ලර්නර්ස්

ප්‍රෙෂ් චාරිකා ලර්නර්ස්


 

අපගේ ශාඛා ජාලය 

 

  • වසර 30 ක් (1968-1998) අපි පුංචි ඛොරැල්ලේ සිමාසහිත චාරිකා ලර්නර්ස් වීමූ.  අපගේ හිටපු සභාපති. ටී. කේ. සිල්වා මහතා ගේ අභාවයත්, සමස්ථ ශ්‍රි ලංකීය ජනතාව තුල මගර්‍ නීතිය, මාගර්‍ විනය, සහා විද්‍යාත්මක රිය පැදවීම පිළිබඳව ශක්තිමත් ජන මතයක් ගොඩනැංවීම යන අපගේ දැක්ම ක්‍රියාත්මක කිරීම වශයෙනුත්,. රියදුරු පුහුණු ක්ෂේත්‍රය තුල ඇති තරගකාරීත්වය නිසාත්, අපගේ අයිතිකාරත්වයේ පුළුල්වීම නිසාත්, අපි ශාඛා ජාලයක් ඇති කිරීමට ඉටා ගත්තෙමු. 


 

ඒ අනුව අපි ඉතා කෙටි කාලයක් තුල ශාඛා 05ක් ප්‍රධාන නගර කිහිපයක ආරම්භ කලෙමු. මෙම ශාඛා සියල්ල ව්‍යාපාර නාම ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන්, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේත් ලියාපදිංචි කලෙමු. සියළුම ශාඛා භාරව සිටින්නේ අප ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප ආයතනයේ වසර ගණනාවක් සේවය කල  සේවක පිරිසත්, අපගේ නෑදැයින්. අපගේ ප්‍රධාන කාර්යාලයටත් අපගේ ශාඛා ජාලයටත් ඔබගෙන් ලද ආශිර්වාදය අපට මහත් ශක්තියකි.

  

අපගේ වැළිකඩ /රාජගිරිය ශාඛාව

 

සමාගමක් ලෙස ලියාපදිංචි අංකය :pvs5065

මෝ: ප්‍ර: කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය :Ds475

භාරකරු  : ටී.උමේෂ් කුමාර සිල්වා

අධ්‍යක්ෂක

සී/ස චාරිකා ලර්නර්ස්

 පුංචි බොරැල්ල

 ලිපිනය : නො:62, 2 වන මහල,

වැලිකඩ ප්ලාසා, 

රාජගිරිය.

දුරකථන අංකය :0773292272

 

අතුරුගිරිය ශාඛාව

   

සමාගමක් ලෙස ලියාපදිංචි අංකය :W9630

මෝ:ප්‍ර: කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය :Ds571

භාරකරු : ටී.අර්ෂ නිලංග සිල්වා

අධ්‍යක්ෂක

සී/ස චාරිකා ලර්නර්ස් 

පුංචි බොරැල්ල

ලිපිනය : 391/4A,ගොඩගම පාර,

අතුරුගිරිය.

දුරකථන අංකය :0714121420

 

අග්ගොන ශාඛාව

සමාගමක් ලෙස ලියාපදිංචි අංකය : W3520

මෝ: ප්‍ර: කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය : Ds822

භාරකරු : ටී.හේමචන්දා සිල්වා 

උපදේශක

සී/ස චාරිකා ලර්නර්ස්

පුංචි බොරැල්ල

ලිපිනය : 515/1C, අග්ගොන,

අංගොඩ

දුරකථන අංකය:0723346358

 

භික්කඩුව ශාඛාව

සමාගමක් ලෙස ලියාපදිංචි අංකය :W4200

මෝ:ප්‍ර: කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය :Ds712

භාරකරු  : එල්ල. ගුණසේකර 

රියදුරු උපදේශක

සී/ස චාරිකා ලර්නර්ස්

පුංචි බොරැල්ල

ලිපිනය :නො: 22, වැල්ලවත්ත,

භික්කඩුව.

දුරකථන අංකය : 0773510155

 

මිනුවන්ගොඩ ශාඛාව

 

සමාගමක් ලෙස ලියාපදිංචි අංකය :W5061

මෝ:ප්‍ර: කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය :Ds650

භාරකරු: එහි.පි. චන්දන 

රියදුරු උපදේශක

:එනම්.පී. සිරිසේන

වසර 40ක රියදුරු උපදේශක තනතුර සී/ස චාරිකා ලර්නර්ස් පුංචි බොරැල්ල

ලිපිනය : 02, ස.න.ස. ගොඩනැගිල්ල,

මීරිගම පාර, බඩල්ගම

දුරකථන අංකය :0715361006

අපගේ දැක්ම - අපගේ මෙහෙය - අපගේ පැවැත්ම

 

අපගේ ආයතනික පිරමීඩය, අප පිළිබඳ සියළු දෑ ගෙනහැරපායි.මෙම 

ආයතනික පිරමීඩය අපගේ සුවිශේෂී අවශ්‍යතාවයයි.මෙම ආයතනික පිරමීඩය අපගේ ඉලක්කගත සාර්ථකත්වය (OUT PUT) සහ අපගේ සමස්ථ යෙදවිම (INPUT) පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ඔබහට සපයන බව

අපගේ විශ්වාසයයි..

 

අපගේ සාර්ථකත්වය රදා පවතින්නේ අපගේ පාඨමාලාවේ, අපගේ භෞතික සම්පත්වල, අපගේ මානව සම්පත් වල 

සහ අපගේ පරිපාලන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය මතය. සමස්ථ ආයතනික පිරමීඩයම අපගේ දැක්ම, අපගේ මෙහෙය සහ අපගේ පැවැත්ම මත පදනම් වේ.

 

අපගේ සාර්ථකත්වයේ නිර්මාණයකයන්

 

අපි , අපගේ සාර්ථකත්වය මනින නිර්මාණයක 6ක් මෙහිදී ඔබට හදුන්වා දෙන්නෙමු.

එනම්:

අපගේ සාර්ථකත්වය

 

ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවල ශිෂ්‍යයන්ගේ ප්‍රායෝගික පරික්ෂණය සමත්විමේ ප්‍රතිශතය. (පසුගිය වසර 4  ½)

සමස්ථ ව්‍යූහයේ ලිඛිත පරීක්ෂණය සමත්විමේ ප්‍රතිශතය (පසුගිය වසර 4 ½) 

සමස්ථ ව්‍යුහයේ ලිඛිත පරීක්ෂණය සමත්විමේ ප්‍රතිශතය (පසුගිය වසර 6)

අපගේ සමස්ථ සේවාවෙහි ගුණාත්මක භාවය පිළිබඳව අපගේ ශිෂ්‍යයන්ගෙන් ලබාගත් පසු විපරම් වාර්ථා.

හිටපු මෝටර්රථ පරික්ෂක මහතුන්ගෙන්, නියෝජ්‍ය පොලිස්පති වරුන්ගෙන් සහ ක්ෂේත්‍රයේ අනෙකුත් විද්වතුන්ගෙන්, අපගේ සේවාව පිළිබදව ලබාගත් ලිඛිත අදහස්.

විවිධ අවස්ථාවල අපහට ලැබුණු ජයග්‍රහණ, අප ලද ඇගයීම් සහ අප ලබාගත් පලදායිතා මට්ටම්.

අපගේ සමාජ මෙහෙවර.

අපගේ ආගමික මෙහෙවර.


 

ජාත්‍යන්තර ගෝල්ඩන් ස්ටාර් සම්මානය - 2008 

මෙම සම්මාන පුදනු ලබන්නේ ස්පාඤ්ඤයේ B.I.D ආයතනය විසින්

 

B.I.D. යනු ලොව විශාලතම ව්‍යාපාර තත්ත්ව සහතික නිකුත් කරන සහ ව්‍යාපාර තත්ත්වයන් සහ පලදායිතාවය ඉහල නැංවීම සදහා පිලිපන් ආයතනයයි. QC 100 තත්ත්ව මොඩලය නිර්මාර්තෘන් වන ඔවුන්  ලොව රටවල් 100ට ආසන්න ප්‍රමාණයක එම තත්ත්ව මොඩලය හදුන්වා දී ක්‍රියාත්මක කර ඇත.

මෙම සහතිකය නිකුත් කිරිම් දි නායකත්වය, ගුණාත්මක භාවය, 

පලදායිතාවය,මුල්‍ය තත්වය, තාක්ෂණය,සමාජ වගකීම යන ක්ෂේත්‍ර යන් ගනනාවක් ඔවුන් විසින්  සලකා බලනු ලබයි.

 

මෙම සම්මානය 2008 වසරේදි  අපහට පුදන්නට යෙදුනූ බව සතුටින් දන්වා සිටින්නෙමු.

 

අප ආයතනය ලද ජයග්‍රහණ, ඇගයිම් සහ පලදායිතා සහතික 

අප ආයතනය 2008 වසරේදී විශිෂ්ටත්වය සදහා වන ජාත්‍යන්තර ගෝල්ඩන් ස්ටාර් සම්මානයෙන් ස්ව්ටිසර්ලන්තයේ ජීනීවා නුවරදි පිදුම් ලැබීය.

දැනට ලංකාවේ පැරණිම රිය විදුහල අප ආයතනය වේ. ශ්‍රි ලංකාවේ අංක 01 රියදුරු පුහුණු පාසැල ලෙස මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කර ඇත. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ රියදුරන්ගේ නිපුණතාව පරික්ෂා කිරීම අප විසින් සිදු කරනු ලබයි.

ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරන් පුහුණු කිරීම අප ආයතනය විසින් සිදු කරනු ලබයි.

ලෝක වෙළඳ සංවිධානය, ව්‍යාපාර ප්‍රවර්ධන ආයතනයක් ලෙස අපව ලියාපදිංචි කර ඇත.

ලෝක කම්කරු සංවිධානය, දුරස්ථ අධ්‍යාපන ආයතනයක් ලෙස අපව නම් කර ඇත.

ලෝක බැංකුව 2005/2006 වසරවලදී,ශ්‍රි ලංකාවේ රියදුරු පුහුණු ක්ෂේත්‍රය පිළිබඳ කළ අධ්‍යයනයකදී, අප ආයතනය ආදර්ශමත් රිය විදුහලක් ලෙස නම් කරන ලදී.

බ්‍රිත්‍ය සහ ඇමරිකානු තානාපති කාර්යාල ඇතුළු තනාපති කාර්යාලය බොහොමයක් අපගේ සේවාව ලබා ගනිති.

2002 වසරේදී ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ හොදම රියදුරු පුහුණු පාසැල ලෙස අපව තෝරා ගන්නා ලදී.

ද්විතීය සහ තෘතීයික වෘත්තීය පුහුණු අධිකාරියේ තත්ත්ව සහතිකයෙන් අපව පුදනු ලැබීය.



 

අප ආයතනය ලද ජයග්‍රහණය, ඇගයීම් සහ පලදායිතා සහතික

 

අප ආයතනය 2008 වසරේදී විශිෂ්ටත්වය සදහා වන ජාත්‍යන්තර ගෝල්ඩන් ස්ටාර් සම්මානයෙන් ස්ව්ටිසර්ලන්තයේ ජීනීවා නුවරදි පිදුම් ලැබීය.

දැනට ලංකාවේ පැරණිම රිය විදුහල අප ආයතනය වේ.ශ්‍රි ලංකාවේ අංක 01 රියදුරු පුහුණු පාසැල ලෙස මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ රියදුරන්ගේ නිපුණතාවය පරික්ෂා කිරීම අප විසින් සිදු කරනු ලබයි.

ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරන් පුහුණු කිරීම අප ආයතනය විසින් සිදු කරනු ලබයි.

ලෝක වෙළඳ සංවිධානය, ව්‍යාපාර ප්‍රවර්ධන ආයතනයක් ලෙස අපව ලියාපදිංචි කර ඇත.

ලෝක කම්කරු සංවිධානය, දුරස්ථ අධ්‍යාපන ආයතනයක් ලෙස අපව නම් කර ඇත.

ලෝක බැංකුව 2005/2006 වසරේදී, ශ්‍රි ලංකාවේ රියදුරු පුහුණු ක්ෂේත්‍රය පිළිබඳව කළ අධ්‍යයනයකදී, අප ආයතනය ආදර්ශමත් රිය විදුහලක් ලෙස නමි කරන ලදී.

බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු තානාපති කාර්යාල ඇතුළු තනාපති කාර්යාල බොහොමයක් අපගේ සේවාව ලබා ගනිති.

2002 වසරේදී ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ හොදම රියදුරු පුහුණු පාසැල ලෙස අපව තෝරා ගන්නා ලදී.

ද්විතීය සහ තෘතීයික වෘත්තීය පුහුණු අධිකාරියේ තත්ත්ව සහතිකයෙන් අපව පුදනු ලැබීය.

මහජන බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන ගනනාවක ආකල්ප වෙනස්කිරිමේ දේශණ හා වැඩමුළු සංවිධානය කිරිම.

රිය පුහුණුව තෙසතියකින් හා යහපත් රියදුරා  හා මනුෂ්‍යයා යන මැයෙන් පොත් නිර්මාණය කර, එම පොත්.යහපත් රිය පැදවීමේ සංස්කෘතික් උදෙසා ඉතා සාහනදායි මිලකට සමාජයේ විවිධ අංශයන්ට සපයාදීම නොමිලේ අපගේ ශිෂ්‍යයන්ට බෙදා දීම.

සැමටDriving යන ව්‍යපෘතිය හරහා ඉතා සහනදායී මිලකට,කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ඇතුව, අපි, රාජ්‍ය සේවකයන්හට අපගේ සේවාව ලබාදුන්නෙමු.අපි ඔවුන්ගේ ආයතන කරා ගොස් අපගේ සේවාව ලබාදුන් අතර, එමගින් ඔවුන්ගේ වටිනා කාලය ඉතිරිකර ගැනීමට උපකාර කලෙමු. රියදුරු පාසැල් කරා යා නොහැකිව,License ලබා ගැනීම කිසිදිනෙක කරගත් නොහැකිව සිටි විශාල පිරිසකට, සමාජ අවශ්‍යතාවයක් වන යහපත් රිය පුහුණුව සහ රියදුරු බලපත්‍රයක් බලාගැනීමට උපකාර කලෙමු.මේ සදහා අපගේ ප්‍රධාන කාර්යාලයත්, අපගේ ශාඛා පද්ධතියත් අනුයුක්ත කලෙමු.

අපගේ සහනදායී රියදුරු පුහුණු සේවාව ලබාගත් රාජ්‍ය ආයතන. 

ජනපති ආරක්ෂක අංශය 

ශ්‍රි ලංකා යුධ හමුදාව තූර්යවාදක කණ්ඩායම

කම්කරු දෙපාර්තමේන්තුව

සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රි ලංකා මහ රෝහල

විදේශ සේවා නියුක්ති කාර්යාංශය

විදේශ අමාත්‍යාංශය

නාගරික සංවර්ධන අධිකාරිය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

ශ්‍රි ලංකා පරිසර අධිකාරිය

 

අපගේ හිටපු සභාපති ටී.කේ. සිල්වා මහතා, සමස්ථ ලංකා රියදුරු පාසල් හිමියන්ගේ සංගමයේ සභාපතීත්වය දැරු වකවානුවේ  හිටපු ප්‍රවාහන අමාත්‍යවරු වන විජයපාල මෙන්ඩිස් සහ එහි.එචි.මොහොමඩ් යන මහතුන්ගේ ධූර කාලයන් හිදී මොටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ අනුග්‍රාහකත්වය යටතේ,ශ්‍රි ලංකාවේ අසංවිදිතව තිබූ රියදුරු පාසල් පද්ධතිය, සංවිධිත කිරිමට පූර්ණව කටයුතු කළේය. රියදුරු උපදේශක මහතුන්ගේ ප්‍රමිතිය වැඩිකර, ඔවුන්හට වෘත්තීය පිළිගැනිම ක් ලැබීම උදෙසා මෝ:ප්‍ර:කො. දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්,විභාග ක්‍රමයක් සහ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් සකසා ක්‍රියාත්මක කරන්නට යෙදුනි.

රියදුරු උපදේශක පාඨමාලාවක් නිර්මාණය කර එම වෘත්තිය සදහා රුචිකත්වයක් පුහුණුවක් ලබාදිමට කටයුතු කිරිම.යහපත් රියදුරෙකු බිහිවන්නේ, යහපත් මානුශ්‍යයෙකු තුලින්ය.

පිටරට රැකියාලාභී වෘත්තීය රියදුරන් හට ඉතා සහනදායී ගාස්තුවකට,වැඩිපුර රියදුරු පුහුණුවකුත් සමග අප මාතෘභූමියේ නිළ නොලත් ථානාපතිවරු වශයෙන් ඔවුන්ගේ පෞර්ෂත්වය නගාසිටුවිමේ පාඨමාලාවක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම. එමගින් ශ්‍රි ලංකා මාතාව වෙතින් පිටරට රැකියා සදහා යන මහතුන්ගේ ජාත්‍යන්තර තලයන්ට අවශ්‍ය හැකියාවන් දියුණු කිරීම සඳහා දායකත්වය සැපයිම.

රියදුරු බලපත්‍ර ඇති රියදුරු මහතුන් හට වෘත්තීය රියදුරු පාඨමාලාවක්  නිර්මාණය කර ඒ සදහා ඔවුන් න්‍යායාත්මකවත්, ප්‍රායෝගිකවත් පුහුණු කර, රැකියා බැංකුවක ඔවුන් ලියාපදිංචි කිරීම. මේ තුළින් දේශිය වෙළදපොලට, දක්ෂ, පුහුණු , වෘත්තීය රියදුරන් පිරිසක් දායද කිරිමට, අනුග්‍රහය දැක්වේ.

bottom of page